සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

3. මිච්ඡත්ත වර්ගය

3. පඨම පටිපදා සූත්‍රය

“මහණෙනි, තොපට වැරදි පිළිපැදීමද දෙශනා කරන්නෙමි. යහපත් පිළිපැදීමද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, වැරදි පිළිපැදීම කවරේද යත් ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුය. මහණෙනි, මේ වැරදි පිළිපැදීමයයි කියනු ලැබේ.

“මහණෙනි, යහපත් පිළිපැදීම කවරේද? ඒ මෙසේයි සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ යහපත් පිළිපැදීමයයි කියනු ලැබේ.