සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

4. සුඛින්ද්‍රිය වර්ගය

9. තෙජොපම සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසක් වෙත්. කවර පසක්ද සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය උපෙක්ඛින්ද්‍රිය යනුයි.

[3] “මහණෙනි, විඳියයුතු සැප වේදනාව ඉපදීමට සුදුසු ස්පර්ශය නිසා සුඛින්ද්‍රිය උපදී. හෙතෙම සැපවත් වූයේ සැපවත්වූවෙමි’ යි දැනගනියි. ඒ සුඛවේදනාවට සුදුසුවූ ස්පර්ශයාගේ නිරොධයෙන් ඊට අනුරූප වේදනාවවූ සුඛ වේදනාව උපදින ස්පර්ශය සැප වේදනාවක් නිසා උපන් යම් සුඛින්ද්‍රියක් වේද ඒ සුඛින්ද්‍රියය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැනගනියි.

[4] ‘මහණෙනි, දුක් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දුක්ඛින්ද්‍රියක් උපදීද, හෙතෙම දුක්වූයේ දුක් වූයෙමි’ යි දැනගනියි. ඒ දුක් වේදනාව ඇතිවීමට හේතුවූ ස්පර්ශයාගේ නිරොධයෙන් ඊට අනුරූප වේදනාවවූ දුක් වේදනාව උපදවන ස්පර්ශය නිසා උපන් යම් දුක්ඛින්ද්‍රියක් වේද ඒ දුක්ඛින්ද්‍රිය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.

[5] ‘මහණෙනි, සොම්නස් වේදනාව ඉපදීමට සුදුසුවූ ස්පර්ශය සොමනස්සින්ද්‍රිය නිසා උපදී. හෙතෙම සොම්නස් වූයේ සොම්නස් වූයෙමි’යි දැනගනියි. ඒ සොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරොධයෙන් ඊට අනුරූප වේදනාවවූ සොමනස්ස වේදනාව ඇතිවීමට සුදුසු ස්පර්ශය නිසා යම් සොමනස්සින්ද්‍රියක් උපන්නේද ඒ සොමනස්සින්ද්‍රිය නිරුද්ධවේ. එය සංසිඳේයයි දැනගනියි.

[6] “මහණෙනි, දොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දොමනස්සින්ද්‍රිය උපදී. හෙතෙම දොම්නස් වූයේ දොම්නස් වූවෙමි’යි දැනගනියි. ඒ දොමනස්සය ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරොධයෙන් ඊට අනුරූප වේදනාවවූ දොම්නස් ඇතිවීමට සුදුසු ස්පර්ශය නිසා යම් දොමනස්සින්ද්‍රියක් උපදීද ඒ දොමනස්සින්ද්‍රිය නිරුද්ධවේ එය සංසිඳේයයි දැන ගනියි.

[7] “මහණෙනි, උපෙක්ඛා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා උපෙක්ඛින්ද්‍රිය උපදී. හෙතෙම උපෙක්ෂා වූයේ උපෙක්ෂා වූවෙමි’යි දැනගනියි. ඒ උපෙක්ෂා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරොධයෙන් ඊට අනුරූප උපෙක්ෂා වේදනාව ඇතිවීමට සුදුසු ස්පර්ශය යම් උපෙක්ඛින්ද්‍රියක් උපදීද ඒ උපෙක්ඛින්ද්‍රිය නිරුද්ධවේ. එය සංසිඳේයයි දැනගනියි.

[8] “මහණෙනි, යම්සේ දඬු දෙකක්හුගේ ගැටීම නිසා එක්වීම නිසා උණුසුම උපදී. ගිනි උපදියි. ඒ දඬු වෙන්වීමෙන් වෙන්ව තැබීමෙන් එයින් උපන් යම් උණුසුමක් වේද ඒ උණුසුම නිරුද්ධවේ. ඒ සංසිඳේ. මහණෙනි, එපරිද්දෙන්ම සුඛ වේදනාව සුදුසුවූ ස්පර්ශය සුඛින්ද්‍රිය නිසා උපදී. හෙතෙම සුවපත් වූයේම සැපවත් වූයෙමියි දැනගනියි. ඒ සැප වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරොධයෙන් ඊට අනුරූපවූ සුඛ වේදනාව උපදවන ස්පර්ශය නිසා යම් සුඛින්ද්‍රියක් උපදීද ඒ සුඛින්ද්‍රියය නිරුද්ධවෙයි. එය සංසිඳුනේයයි දැන ගනියි.

[9] “මහණෙනි, එපරිද්දෙන්ම දුක්ඛ වේදනාව ඇති වීමට සුදුසුවූ ස්පර්ශය නිසා දුක්ඛින්ද්‍රිය උපදී. හෙතෙම දුක් වූයේම දුකට පත්වූ යෙමියි දැනගනියි. ඒ දුක් වේදනාවට සුදුසුවූ ස්පර්ශයාගේ නිරොධයෙන් ඊට අනුරූපවූ දුක්වේදනාව උපදවන්නාවූ ස්පර්ශය නිසා යම් දුක්ඛින්ද්‍රියක් උපදීද ඒ දුක්ඛින්ද්‍රිය නිරුද්ධවෙයි. එය සංසිඳුනේයයි දැනගනියි.

[10] “මහණෙනි, එපරිද්දෙන්ම සොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා සොමනස්සින්ද්‍රිය උපදියි. හෙතෙම සොම්නස් වූයේ සොම්නස් වූයෙමියි දැනගනියි. ඒ සොම්නස් වේදනාව සුදුසුවූ ස්පර්ශයාගේ නිරොධයෙන් ඊට අනුරූපවූ සොමනස්ස වේදනාව උපදවන ස්පර්ශය නිසා යම් සොමනස්සින්ද්‍රියක් වේද ඒ සොමනස්සින්ද්‍රිය නිරුද්ධ වෙයි. එය සංසිඳුනේ යයි දැනගනියි.

[11] “මහණෙනි, එපරිද්දෙන්ම දොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දොමනස්සින්ද්‍රිය උපදියි. හෙතෙම දොම්නස් වූයේම දොම්නස් වූයෙමියි දැනගනියි. ඒ දොමනස්ස වේදනාව ඇතිවීමට සුදුවූ ස්පර්ශයාගේ නිරොධයෙන් ඊට අනුරූපවූ යම් දොම්නස්සින්ද්‍රියක් උපදීද ඒ දොමනස්සින්ද්‍රිය නිරුද්ධ වෙයි. එය සංසිඳුනේයයි දැනගනියි.

[12] “මහණෙනි, උපෙක්ඛා වේදනාවට සුදුසුවූ ස්පර්ශය නිසා උපෙක්ඛින්ද්‍රිය උපදියි. හෙතෙම උපෙක්ෂාවූයේ උපෙක්ෂා වූයෙමියි දැනගනියි. ඒ උපෙක්ඛා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ උපෙක්ඛා වේදනා උපදවන ස්පර්ශය නිසා යම් උපෙක්ඛින්ද්‍රියක් උපදීද, ඒ උපෙක්ඛින්ද්‍රිය නිරුද්ධවෙයි. එය සංසිඳුනේ යයි දැනගනියි.