සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
5. ජරා වර්ගය
4. පුබ්බකොට්ඨක සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පුබ්බ කොට්ඨක නම් ස්ථානයෙහි වාසය කළ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් ඇමතූසේක.
[2] “සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?
“සාරිපුත්තය, වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ විරියින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?
“සාරිපුත්තය, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?
“සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සමාධිඉන්ද්‍රීය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?
“සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි නුඹ අදහන්නෙහිද?”
[3] “ස්වාමීනි, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
“වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ විරියින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
‘වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සමාධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම නොඅදහමි.
[4] ‘ස්වාමීනි, යමෙකු විසින් එය නොදන්නා ලද්දේද නොදක්නා ලද්දේද ප්‍රකට නොකරන ලද්දේද නුවණින් ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේද ඔව්හු එහි අනුන් කෙරෙහි විශ්වාසයෙන් වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ විරියින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සමාධින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන නිෂ්ටාව කොට ඇත්තාවූ ධර්මයෙකැයි අදහන්නාහුය.
[5] “ස්වාමීනි, යමෙකු විසින් එය දන්නා ලද්දේද, දක්නා ලද්දේද, ප්‍රකට කරන ලද්දේද, ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, ඔව්හු එහි සැක නැත්තාහු, පහවූ විචිකිච්ඡා ඇත්තාහු, වඩන ලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ සද්ධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ, නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ විරියින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩන ලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ සතින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ නිර්වාණය පහළ වන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ සමාධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි
“වඩනලද්දාවූ බහුලවසයෙන් වඩන ලද්දාවූ පඤ්ඤින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් වන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
[6] “ස්වාමීනි, මෙය මා විසින් ප්‍රඥාවෙන් දැනගන්නා ලද්දේය. දක්නාලද්දේය. ප්‍රකටකරන ලද්දේය ප්‍රත්‍යක්ෂකරන ලද්දේය. වඩනලද්දාවූ බහුලකොට වඩනලද්දාවූ සද්ධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි. මම සැක නැත්තේ විචිකිච්ඡා නැත්තේ වෙමි.
“වඩන ලද්දාවූ බහුලකොට වඩන ලද්දාවූ විරියින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළ කරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි. එහි මම සැක නැත්තේ විචිකිච්ඡා නැත්තේ වෙමි.
“වඩනලද්දාවූ බහුලකොට වඩනලද්දාවූ සතින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි. එහි මම සැක නැත්තේ විචිකිච්ඡා නැත්තේ වෙමි.
“වඩන ලද්දාවූ බහුලකොට වඩනලද්දාවූ සමාධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි. එහි මම සැක නැත්තේ විචිකිච්ඡා නැත්තේ වෙමි.
“වඩනලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ පඤ්ඤින්ද්‍රිය නිර්වාණයට ඇතුළත්කරන්නාවූ නිර්වාණය පහළකරන්නාවූ නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේයයි මම සැක නොකරමි. විචිකිච්ඡා රහිතවෙමියි” කීය.
“සාරිපුත්තය, යහපත’ යහපත’ සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුලවසයෙන් වඩනලද්දාවූ සද්ධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවේයයි යමෙකුන් විසින් ප්‍රඥාවෙන් නොදැනගන්නා ලද්දේද,
“වඩන ලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ විරියින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වේයයි යමෙකු විසින් ප්‍රඥාවෙන් නොදැනගන්නා ලද්දේද,
“වඩනලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ සතින්ද්‍රිය නිර්වාණයට ඇතුළත්කරන්නේ වෙයි. නිර්වාණය පහළකරන්නේ වෙයි නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වේයයි යමෙකුන් විසින් ප්‍රඥාවෙන් නොදැනගන්නා ලද්දේද,
‘වඩනලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ සමාධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත්කරන්නේ වෙයි. නිර්වාණය පහළකරන්නේ වෙයි නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවේයයි යමෙකු විසින් ප්‍රඥාවෙන් නොදැනගන්නා ලද්දේද,
‘වඩනලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ පඤ්ඤින්ද්‍රිය ඇතුළත්කරන්නේවෙයි. නිර්වාණය පහළකරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවේයයි නුවණින් නොදන්නා ලද්දේද නොදක්නාලද්දේද ප්‍රකට නොකරනලද්දේද ප්‍රත්‍යක්ෂ නොකරනලද්දේද ඔව්හු එහි අනුන් කෙරෙහි ඇදහීමට යන්නාහුය.
[8] “සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ සද්ධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ විරියින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුලවශයෙන් වඩනලද්දාවූ සතින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නේවෙයි. නිර්වාණය පහළ කරන්නේවෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවෙයි.
“වඩන ලද්දාවූ බහුල වශයෙන් කරන ලද්දාවූ සමාධින්ද්‍රිය නිර්වාණයට ඇතුළත් කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාව කොට ඇත්තේ වෙයි.
“වඩනලද්දාවූ බහුල වශයෙන් වඩනලද්දාවූ පඤ්ඤින්ද්‍රිය නිර්වාණයට ඇතුල්කරන්නේ වෙයි. නිර්වාණය පහළ කරන්නේ වෙයි. නිර්වාණය නිෂ්ටාවකොට ඇත්තේවෙයි යමෙකුන් විසින් නුවණින් දැනගන්නාලද්දේද දක්නාලද්දේද ප්‍රත්‍යක්ෂ කරනලද්දේද ඔව්හු එහි සැක නොකරන්නාහුය. විචිකිච්ඡා රහිත වන්නාහුය”