අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(22) 2. පරියසොභණ වර්‍ගය
1. පරිසදූසනා සූත්‍රය
’’මහණෙනි, පිරිස් දූෂ්‍ය කරන්නෝ මේ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, දුශ්ශීලවූ, ලාමක ස්වභාව ඇති භික්‍ෂුව පිරිස් දූෂ්‍ය කරන්නෙකි. මහණෙනි, දුශ්ශීලවූ, ලාමක ස්වභාව ඇති භික්‍ෂුණිය පිරිස් දූෂිකාවකි. මහණෙනි, දුශ්ශීලවූ, ලාමක ස්වභාව ඇති උපාසක තෙමේ පරිස දූෂකයෙකි. මහණෙනි, දුශ්ශීලවූ, ලාමක ස්වභාව ඇති උපාසිකාව පරිස දූෂකයෙකි. මහණෙනි, මේ සතර දෙන පරිස දූෂකයෝයි.
’’මහණෙනි, පිරිස් හොබවන්නෝ මේ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, සිල්වත් යහපත් ස්වභාව ඇති භික්‍ෂුව පිරිස් හොබවන්නෙකි. මහණෙනි, සිල්වත් යහපත් ස්වභාව ඇති භික්‍ෂුණිය පිරිස් හොබවන්නියකි. මහණෙනි, සිල්වත් යහපත් ස්වභාව ඇති උපාසක තෙම පිරිස් හොබවන්නෙකි. මහණෙනි, සිල්වත් යහපත් ස්වභාව ඇති උපාසිකාව පිරිස් හොබවන්නියකි. මහණෙනි, මේ සතරදෙන පිරිස් හොබවන්නාහුය.’’