අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(22) 2. පරියසොභණ වර්‍ගය
2. සුචරිත දුච්චරිත සූත්‍රය
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
’’කාය දුශ්චරිතයෙන්ද, වාක් දුශ්චරිතයෙන්ද, මනො දුශ්චරිතයෙන්ද, මිථ්‍යාදෘෂ්ටියෙන්ද යන සතරිනි.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
’’කවර සතරකින්ද යත්, කාය සුචරිතය, වාක් සුචරිතය, මනො සුචරිතය, සම්‍යක් දෘෂ්ටිය යන සතරිනි.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.