අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(14) 4. පුද්ගල වර්‍ගය

10. වවාදීපභෙද සූත්‍රය

’’මහණෙනි, මේ වාදීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්?

’’මේ ලෝකයෙහි ඇතැම් වාදියෙක් අර්‍ථ කථා වශයෙන් කියන්ට නොහැකිවෙයි. ව්‍යඤ්ජන වශයෙන් කිව හැකිවෙයි. මහණෙනි, ව්‍යඤ්ජන වශයෙන් නොකිව හැකි, අර්‍ථ වශයෙන් කිව හැකි වාදියෙක්ද ඇත. අර්‍ථ වශයෙනුත්, ව්‍යඤ්ජන වශයෙනුත් කිව හැකි වාදියෙක් ඇත. අර්‍ථ වශයෙනුත්, ව්‍යඤ්ජන වශයෙනුත් නොකිව හැකි වාදියෙක් ඇත. මහණෙනි, මේ වාදීන් සතර දෙනාය.

සතර ප්‍රතිසම්භිදාවන් ගෙන් යුත් භික්‍ෂුවට අර්‍ථ වශයෙනුත්, ව්‍යඤ්ජන වශයෙනුත් නොකිව හැක්කේය යන මෙය නොසිදු වන්නකි.’’

දහහතරවෙනි පුද්ගල වර්‍ගය නිමි.