අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(15) 5. ආභා වර්‍ගය
1. චතුරාභා සූත්‍රය
’’මහණෙනි, මේ ආලෝක සතරක් වෙත්. කවර සතරක්ද යත්. චන්‍ද්‍රාලොකය, සූර්‍ය්‍යාලොකය, අග්නිආලොකය, ප්‍රඥාලොකය යන සතරයි. මහණෙනි, මේ සතර ආලෝකයෝය. මහණෙනි, මේ සතර ආලෝකයන්ගෙන් ප්‍රඥාලෝකය ශ්‍රෙෂ්ඨයි.’’