අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(15) 5. ආභා වර්‍ගය
3. චතුරාලොක සූත්‍රය
’’මහණෙනි, මේ සතර ආලෝකයෝ වෙත්. කවර සතරක්ද යත්. චන්‍ද්‍රාලොකය, සූර්‍ය්‍යාලොකය, අග්ගිආලොකය, ප්‍රඥාලොකය. මහණෙනි, මේ සතර ආලෝකයෝය. මහණෙනි, මේ සතර ආලෝකයන්ගෙන් යම් මේ ප්‍රඥාලොකයක් ඇද්ද, එය ශ්‍රෙෂ්ඨයි.’’