අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(11) 1. ඵාසු විහාර වර්‍ගය
4. සමණසුඛුමාල සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල වේ. කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම,
’’යාඥා කරණ ලද්දේම බොහෝකොට සිවුරු පරිභෝග කෙරේද, යාඥා නොකරණ ලද්දේ ස්වල්පකොට පරිභෝග කෙරේද, යාඥා කරණ ලද්දේම බොහෝකොට පිණ්ඩපාතය පරිභෝග කෙරේද, යාඥා නොකරණ ලද්දේ මඳකොට පරිභෝග කෙරේද, යාඥා කරණ ලද්දේම බොහෝකොට සෙනසුන් පරිභෝග කෙරේද, යාඥා නොකරණ ලද්දේ මඳකොට පරිභෝග කෙරේද, යාඥා කරණ ලද්දේම බොහෝකොට ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කෙරේද, යාඥා නොකරණ ලද්දේ මඳකොට පරිභෝග කෙරේද, යම් බ්‍රහ්මචාරීන් සමග වනාහි වාසය කෙරේද, ඔහුට මනාපවූම කාය කර්‍මයෙන් බොහෝකොට හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම වාක් කර්‍මයෙන් බොහෝකොට හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම මනො කර්‍මයෙන් බොහෝකොට හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම පූජාව බහුළකොට එළවත්. අමනාපය මඳකොට එළවත්. පිතෙන් හටගත්තාවූ හෝ සෙමින් හටගත්තාවූ හෝ වාතරනේ හටගත්තාවු හෝ සන්නිපාතයෙන් හටගත්තාවූ හෝ ඎතු පෙරලීමෙන් හටගත්තාවූ හෝ, විෂම හැසිරීමෙන් හටගත්තාවූ හෝ උපක්‍රමයෙන් හටගත්තාවූ හෝ කර්‍ම විපාකයෙන් හටගත්තාවූ හෝ යම් ඒ වේදනාවෝ වෙද්ද, ඒ වේදනාවෝ බොහෝ කොටම නූපදිත්. ස්වල්ප ආබාධ ඇත්තේ වේද, කුශල් සිත්හි හටගත්තාවූ,
’’මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන්ගේ කැමති පරිදි ලබීම් ඇත්තේ, නිදුකින් ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේද,
’’ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේද, යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුඛුමාල වේ. මහණෙනි, ඒ යමෙකුට වනාහි මනාකොට කියන්නේ ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුඛුමාලයයි කියන්නේද, මහණෙනි, ඒ මටම මනාකොට කියන්නේ ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුඛුමාලයයි කියන්නේය.
’’මහණෙනි, මම වනාහි යාඥා කරණ ලද්දේම බොහෝකොට සිවුරු පරිභෝග කෙරේද, යාඥා නොකරණ ලද්දේ ස්වල්පකොට පරිභෝග කෙරේද, යාඥා කරණ ලද්දේම බොහෝකොට පිණ්ඩපාතය පරිභෝග කෙරේද, යාඥා නොකරණ ලද්දේ මඳකොට පරිභෝග කෙරේද, යාඥා කරණ ලද්දේම බොහෝකොට සෙනසුන් පරිභෝග කෙරේද, යාඥා නොකරණ ලද්දේ මඳකොට පරිභෝග කෙරේද, යාඥා කරණ ලද්දේම බොහෝකොට ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කෙරේද, යාඥා නොකරණ ලද්දේ මඳකොට පරිභෝග කෙරේද, යම් බ්‍රහ්මචාරීන් සමග වනාහි වාසය කෙරේද, ඔහුට මනාපවූම කාය කර්‍මයෙන් බොහෝකොට හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම වාක් කර්‍මයෙන් බොහෝකොට හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම මනො කර්‍මයෙන් බොහෝකොට හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම පූජාව බහුළකොට එළවත්. අමනාපය මඳකොට එළවත්. පිතෙන් හටගත්තාවූ හෝ සෙමින් හටගත්තාවූ හෝ වාතරනේ හටගත්තාවු හෝ සන්නිපාතයෙන් හටගත්තාවූ හෝ ඎතු පෙරලීමෙන් හටගත්තාවූ හෝ, විෂම හැසිරීමෙන් හටගත්තාවූ හෝ උපක්‍රමයෙන් හටගත්තාවූ හෝ කර්‍ම විපාකයෙන් හටගත්තාවූ හෝ යම් ඒ වේදනාවෝ වෙද්ද, ඒ වේදනාවෝ බොහෝ කොටම නූපදිත්. ස්වල්ප ආබාධ ඇත්තේ වේද, කුශල් සිත්හි හටගත්තාවූ,
’’මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන්ගේ කැමති පරිදි ලබීම් ඇත්තේ, නිදුකින් ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේද,