අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(14) 4. රාජ වර්‍ගය
5. රජ්ජපත්‍ථනා සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුත්කවූ මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්‍ෂත්‍රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම රාජ්‍යය ප්‍රාර්ත්‍ථනා කරයි.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්‍ෂත්‍රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම
’’මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද,
’’විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්‍රසාද එලවන්නේ, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වේද,
’’මව්පියන්ට ප්‍රියයෙක් මනාපයෙක් වේද, නියම්ගම් දනව් වැස්සාට ප්‍රියයෙක් මනාපයෙක් වේද,
’’මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්‍ෂත්‍රිය රජුන්ගේ යම් ඒ ඉගෙණිය යුතු කරුණු වෙද්ද, හස්ති ශිල්පයෙහි හෝ අශ්ව ශිල්පයෙහි හෝ, රථ ශිල්පයෙහි හෝ, දුනු ශිල්පයෙහි හෝ, කඩු ශිල්පයෙහි හෝ එහි හික්මුනේ සමර්ත්‍ථ වේද,
’’ඔහුට මෙබඳු සිතක් වෙයි. ’මම වනාහි මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද, කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්‍රසාද එලවන්නේ, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වේද, කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්ද? මව්පියන්ට ප්‍රියවූවෙක්ද මන වඩන්නෙක්ද වන්නෙමි. කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි නියම්ගම් දනව් වැස්සාට ප්‍රියවූවෙක් මන වඩන්නෙක් වෙමි. කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්‍ෂත්‍රිය රජුන්ගේ යම් ඒ ඉගෙණිය යුතු කරුණු වෙද්ද, හස්ති ශිල්පයෙහි හෝ අශ්ව ශිල්පයෙහි හෝ, රථ ශිල්පයෙහි හෝ, දුනු ශිල්පයෙහි හෝ, කඩු ශිල්පයෙහි හෝ එහි හික්මුනේ සමර්ත්‍ථ වේද, කුමක් හෙයින් මම රාජ්‍යය ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්ද? යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුත්කවූ මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්‍ෂත්‍රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම රාජ්‍යය ප්‍රාර්ත්‍ථනා කරයි. මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීම ප්‍රාර්ත්‍ථනා කරයි. කවර පසකින්ද යත්?
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධා ඇත්තේ වේද, තථාගතයන්ගේ බොධිය මහණෙනි, ශ්‍රද්‍ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, උතුම්වූ පුරුෂයන් හික්මවීමේ රියැදුරෙක, දෙවි මිනිසුන්ට ශාස්තෲය, චතුස්සත්‍යාවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්‍රද්‍ධා ධනයයි කියනු ලැබේ.
’’ස්වල්ප ආබාධ ඇත්තේ, ස්වල්පවූ රෝග ඇත්තේ, ඉතා සිහිල් නුවූ, ඉතා උෂ්ණ නොවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍ය කිරීමට සුදුසුවූ, සමව ආහාර පැසවීම ඇත්තාවූ, ගින්නෙන් යුක්තවේද,
’’කෛරාටික නොවූයේ, මායා නැත්තේ, තත්වූ පරිදි කරුණු ශාස්තෘහු කෙරෙහි හෝ නුවණැත්තාවූ බ්‍රහ්මචාරීන් කෙරෙහි හෝ ප්‍රකාශ කරන්නෙක් වේද,
’’ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, මහත් සම්පත් ඇත්තාවූ, පිරිපුන් ගබඩා කොටුගුල් ඇත්තාවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්‍ෂත්‍රිය රජ මෙනි.
’’බලයෙන් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්‍ෂත්‍රිය රජ මෙනි.
’’ඔහුට මෙබඳු සිතක් වේ. මම වනාහි ශ්‍රද්‍ධා ඇත්තේ වෙමි. මහණෙනි, ශ්‍රද්‍ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, උතුම්වූ පුරුෂයන් හික්මවීමේ රියැදුරෙක, දෙවි මිනිසුන්ට ශාස්තෲය, චතුස්සත්‍යාවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්‍රද්‍ධා ධනයයි කියනු ලැබේ. අදහමි. කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීම ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්ද, ස්වල්ප ආබාධ ඇත්තේ, ස්වල්පවූ රෝග ඇත්තේ, ඉතා සිහිල් නුවූ, ඉතා උෂ්ණ නොවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍ය කිරීමට සුදුසුවූ, සමව ආහාර පැසවීම ඇත්තාවූ, ගින්නෙන් යුක්තවේද, කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීම ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි කෛරාටික නුවූයේ, මායා නැත්තේ, තත්වූ පරිදි කරුණු ශාස්තෘහු කෙරෙහි හෝ නුවණැත්තාවූ සබ්‍රම්සරහු කෙරෙහි හෝ ප්‍රකාශ කරන්නේ වෙමි, කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීම ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්ද? මම වනාහි බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල යහපත්වූවාහු, මැද යහපත්වූවාහු, කෙළවර යහපත්වූවාහු, අර්ත්‍ථ සහිත වූවාහු, ව්‍යඤ්ජන සහිත වූවාහු, සියල්ලෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීම ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්ද, මම වනාහි බලයෙන් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්‍ෂත්‍රිය රජ මෙනි. කුමක් හෙයින් මම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීම ප්‍රාර්ත්‍ථනා නොකරන්නෙම්දැ’ යි යන පසිනි. ( මෙහි මේ 34 සූත්‍රයේ 6 )සස’ ඡේදය මෙනි. )