සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

7. මහා වර්ගය

8. කෝසම්බී සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මූසිල තෙමේද ආයුෂ්මත් සවිට්ඨ තෙමේද, ආයුෂ්මත් නාරද තෙමේද, ආයුෂ්මත් ආනන්ද තෙමේද කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කෙරෙති.

එකල්හි ආයුෂ්මත් “සවිට්ඨ” තෙමේ ආයුෂ්මත් මූසිල තෙරුන්ට මෙය කීය. “ඇවැත් මූසිලය, අනුන් කියන දෙය ඇදහීමෙන් වෙන්වම, අනුන්ගේ කීමට කැමැත්තෙන් වෙන්ව, අනුශ්‍රැතියෙන් (පරම්පරාගත කථාවෙන්) වෙන්ව, ආකාර පරිවිතර්කයෙන් (ආකාර කල්පනා කිරීමෙන්) වෙන්ව, දිට්ඨිනිජ්ජාන ඛන්තියෙන් (තර්කයෙන්) වෙන්ව, ඇවැත් මූසිලහට ජාතිය (ඉපදීම) නිසා ජරාමරණය ඇතිවේයයි තමන්ම උපදවා ගත් ඤාණය ඇත්තේද”?

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ජාතිය නිසා ජරාමරණය ඇතිවේය යන මෙය මමම දනිමි. මමම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට භවය නිසා ඉපදීම ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද”?

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට උපාදානය නිසා භවය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද”?

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, උපාදානය නිසා භවය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.’

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට තණ්හාව නිසා උපාදානය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද”?

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, තණ්හාව නිසා උපාදානය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද”?

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, වේදනාව නිසා තණ්හාව ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට ස්පර්ශය නිසා වේදනාව ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද”?

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට සළායතන නිසා ස්පර්ශය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද”?

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට නාමරූප නිසා සළායතන ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, නාමරූප නිසා සළායතන ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත්, මූසිලහට සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේයයි, තමාම උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන්, වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි”.

“ඇවැත් මූසිලය ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, කැමැත්තෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට ජාති නිරෝධයෙන් (ඉපදීම නැති කිරීමෙන්) ජරා මරණය නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඉපදීම නැති කිරීමෙන් (ජාති නිරෝධයෙන්) ජරාමරණ නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව ඇවැත් මූසිලහට භවය නැතිකිරීමෙන් ඉපදීම නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ශ්‍රද්ධාවෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, භවය නැතිවීමෙන් ජාතිය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව ඇවැත් මූසිලහට උපාදානය නැතිකිරීමෙන් භවය නැති වේයයි තමාම උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව උපාදානය නැති වීමෙන් භවය නැතිවේයයි යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්ව, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට වේදනාව නැති කිරීමෙන් තණ්හාව නැතිවේයයි තමා උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට ස්පර්ශය නැතිකිරීමෙන් වේදනාව නැතිවේයයි තමාම උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට සළායතන නැති කිරීමෙන් ස්පර්ශය නැතිවේයයි තමා උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, සළායතනයන් නැති වීමෙන් ස්පර්ශය නැතිවේයයි යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට නාමරූප නැතිකිරීමෙන් සළායතන නැතිවේයයි තමා උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, නාමරූපයන් නැතිවීමෙන් සළායතනයන් නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිල හට විඤ්ඤාණය නැතිකිරීමෙන් නාම රූප නැතිවේයයි තමා උපදවාගත් ඤාණය ඇත්තේද?

“ඇවැත් සවිට්ටය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූපයන් නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට සංස්කාර නැතිකිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි තමා උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව ඇවැත් මූසිලහට අවිජ්ජාව නැතිකිරීමෙන් සංස්කාර නැතිවේයයි තමා උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, අවිජ්ජාව නැතිවීමෙන් සංස්කාර නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් මූසිලය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් මූසිලහට භවය නැතිවීම නිර්වාණයයි කියා තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්ව, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, භවය නැතිවීම නිර්වාණයයි කියා මෙය මමම දනිමි. මෙය මමම දකිමි.” “එසේවී නම් ඇවැත් මූසිලතෙම ආශ්‍රවයෙන් ක්ෂය කළ රහත් කෙනෙකැයි කියමි.” මෙසේ කී කල්හි ඇවැත් මූසිලතෙම නිශ්ශබ්ද විය.

“ඉක්බිති ආයුෂ්මත් නාරදතෙම ඇවැත් සවිට්ඨ තෙරුන්හට මෙය කීයේය. “ඇවැත් සවිට්ඨය, මම මේ ප්‍රශ්නය ලබන්නෙම් නම් මැනවි. මාගෙන් මේ ප්‍රශ්නය අසනු මැනවි. මම ඔබට මේ ප්‍රශ්නය පැහැදිලි කරන්නෙමියි” කියායි. “ඇවැත් නාරදතෙම මේ ප්‍රශ්නය ලබයිනම් මම ඇවැත් නාරද තෙරුන්ගෙන් මේ ප්‍රශ්නය අසන්නෙමි. මේ ප්‍රශ්නය ඇවැත් නාරදතෙම මට පැහැදිළි කෙරේවා!”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට ඉපදීම (ජාතිය) නිසා ජරාමරණය ඇතිවේයයි තමාම උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ජාතිය නිසා ජරා මරණය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට භවය නිසා ඉපදීම ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව භවය නිසා ජාතිය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට උපාදානය (තදින් අල්ලාගැනීම) නිසා භවය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, උපාදානය නිසා භවය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට තණ්හාව නිසා උපාදානය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, තණ්හාව නිසා උපාදානය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට ස්පර්ශය නිසා වේදනාව ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට නාමරූප නිසා සළායතනයන් ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව නාමරූප නිසා සළායතනයන් ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව ඇවැත් නාරදහට විඤ්ඤාණය නිසා නාමරූපයන් ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව විඤ්ඤාණය නිසා නාමරූපයන් ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේයයි තමාම උපදවාගත් ඤාණය ඇත්තේ වේද?”

“ඇවැත් සවිට්ඨය ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට ඉපදීම (ජාතිය) නැතිකිරීමෙන් ජරාමරණය නැතිවේයයි තමා උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව තර්කයෙන් වෙන්ව, ඉපදීම (ජාතිය) නැති වීමෙන් ජරාමරණය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට භවය නැතිකිරීමෙන් ඉපදීම නැතිවේයයි තමා උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිකිරීමෙන් භවය නැති වේයයි තමා උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, උපාදානය නැතිකිරීමෙන් භවය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිවේයයි තමා උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේයයි තමා උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට ස්පර්ශය නැතිකිරීමෙන් වේදනාව නැතිවේයයි තමා උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්වම, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට සළායතනයන් නැතිකිරීමෙන් ස්පර්ශය නැතිවේයයි තමා උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, සළායතනයන් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේයයි යන මෙය මම දනිමි. මෙය මම දකිමි.

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට, නාමරූපයන් නැතිකිරීමෙන් සළායතනයන් නැතිවේයයි තමා උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, නාමරූපයන් නැති කිරීමෙන් සළායතනයන් නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේයයි තමා උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, විඤ්ඤාණය නැති වීමෙන් නාමරූප නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට සංස්කාරයන් නැතිකිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි තමා උපදවාගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, සංස්කාරයන් නැති වීමෙන් විඤ්ඤාණය නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට අවිජ්ජාව නැතිකිරීමෙන් සංස්කාර නැතිවේයයි තමා උපදවා ගත් ඤාණය ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, අවිජ්ජාව නැතිවීමෙන් සංස්කාර නැතිවේය යන මෙය මම දනිමි. මෙය මම දකිමි.”

“ඇවැත් නාරදය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්වම, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, ඇවැත් නාරදහට භවය නැතිවීම නිර්වාණයයි කියා තමාම උපදවාගත් නුවණ ඇත්තේද?”

“ඇවැත් සවිට්ඨය, ඇදහීමෙන් වෙන්වම, රුචියෙන් වෙන්ව, පරම්පරාගත කථාවෙන් වෙන්ව, ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව, තර්කයෙන් වෙන්ව, භවය නැතිවීම නිර්වාණයයි කියා මෙය මම දනිමි. මෙය මම දකිමි.” “එසේවී නම් ඇවැත් නාරදතෙම ආශ්‍රවයන් නැතිකළ, රහත් කෙනෙකැයි” කියමි. “ඇවැත්නි, මා විසින් භවය නැතිවීම නිර්වාණයයි කියා ඇතිසේ යහපත් නුවණින් මනාකොට දක්නාලදී. එහෙත් (මම) ආශ්‍රවයන් ක්ෂයකළ, රහත් කෙනෙක් නොවෙමි” කීය.

“ඇවැත්නි, යම්සේ කාන්තාර මාර්ගයෙහි ලිඳක් වේද, එහි ඒ ලිඳට කඹයක් නොවූයේය, කලයක් නොවූයේය. ඉක්බිති, ග්‍රීෂ්මයෙන් තැවුනු, ග්‍රීෂ්මයෙන් පෙලුනු, ක්ලාන්තවූ, තැතිගත්තාවූ, පිපාසිතවූ, පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ ලිඳ බලන්නේය. ඔහුට දියයයි නුවණ ඇතිවෙන්නේය. (එහෙත්) කයින් ස්පර්ශකොට වාසය නොකරන්නේය. ඇවැත්නි, එසේම වනාහි භවනිරෝධය (භවය නැතිකිරීම) නිර්වාණයයි කියා මා විසින් ඇතිසේ යහපත් නුවණින් මනා කොට දක්නාලදී. (එහෙත් මම) ආශ්‍රවයන් ක්ෂය කළාවූ, රහත් කෙනෙක් නෙවෙමියි” කීය.

මෙසේ කී කල්හි, ඇවැත් ආනන්දතෙම, ඇවැත් සවිට්ඨ තෙරුන්ට මෙය කීයේය.

“ඇවැත් සවිට්ඨය, මෙසේ කියන්නාවූ ඔබ ඇවැත් නාරද තෙරුන්ට කුමක් කියන්නෙහිද?” “ඇවැත් ආනන්දය, මෙසේ කියන්නාවූ මම ඇවැත් නාරද තෙරුන්ට යහපතින් තොරවූ, කුසලින් තොරවූ, කිසිවක් නොකියමියි” කීයේය.

(අටවන කෝසම්බි සූත්‍රය නිමි.)