සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

12. ධර්මකථික වර්ගය

9. උපාදාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයන්ද උපාදානයද දෙශනා කරන්නෙමි. එය අසව් මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයෝ කවරහුද? උපාදානය කවරේද? මහණෙනි, රූපය උපාදානයන්ට හිතවූ ධර්මයෙකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. වේදනාව උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. සඤ්ඤාව උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වේද එය එහි උපාදානයයි. සංස්කාරය උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. විඤ්ඤාණය උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්ද රාගයක් වෙයිද එය එහි උපාදානයයි.”

(නවවෙනි උපාදාන සූත්‍රය නිමි.)