සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

2. යමක වර්‍ගය

3. ආශ්වාද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, මම ඇස පිළිබඳ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ඇස පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ඇස පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. ඇස පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ඇස පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ඇස පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.

’’මහණෙනි, මම කණ පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. කණ පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. කණ පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කණ පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. කණ පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. කණ පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කණ පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. කණ පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. කණ පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.’’

’’මහණෙනි, මම නාසය පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. නාසය පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. නාසය පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම නාසය පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. නාසය පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. නාසය පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම නාසය පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. නාසය පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. නාසය පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.’’

’’මහණෙනි, මම දිව පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. දිව පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. දිව පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම දිව පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. දිව පිළිබඳ යම් ආදීනව යක් වේද, එය අවබෝධ කෙළෙමි. දිව පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම දිව පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. දිව පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. දිව පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.

’’මහණෙනි, මම කය පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. කය පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. කය පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කය පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. කය පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. කය පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කය පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. කය පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. කය පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.’’

’’මහණෙනි, මම සිත පිළිබඳ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. සිත පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. සිත පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම සිත පිළිබඳ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. සිත පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. සිත පිළිබඳ යම්තාක් ආදීනවයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ අධ්‍යාත්මික ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත් නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්වූ පරිද්දෙන් මනාව දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒ තාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.

’’මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි. මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය. ඥාන දර්‍ශනය පහළවිය.’’