ඛුද්දකනිකායෙ
සුත්ත නිපාතය
1. උරග වර්ගය
12. මුනි සූත්‍රය
“තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රයෙන් කෙලෙස් බිය උපන්නේය. රූපාදිය අරමුණු කොට ගෙන රාග, ද්වෙෂ, මොහ, කෙලෙස් ධූලි උපදනේය. කෙලෙස් වසන රූපාදිය නැති, ආශ්‍රය නැති මේ නිර්වාණය බුද්ධ මුනිහු විසින් දක්නා ලදී. විෂ්මයකි.
යම් බුද්ධ මුනි කෙනෙක් ක්ලෙශය සිඳ නූපදවාද, ඉපදීමට යොමුව සිටි ක්ලෙශයන් නොහටගන්වාද, ඒ කෙලෙස් උපදින කාරණයද, නූපදවාද, එක්කෙනෙක්වූ ශ්‍රෙෂ්ඨවූ පැවිදි ඉරියවුවෙහි හැසිරෙන උන්වහන්සේ මුනි යයි කියති. ඒ මහර්ෂිතෙම ශාන්ති පදය දැක්කේය.
කෙලෙස් ඉපදීමට කාරණයන් පිරිසිඳ දැන ලෞකික කුශලාකුශල චිත්තය නසා ඒ ස්නෙහය ඒ බීජයට නොවැද්ද දේද, ඒ බුද්ධ මුනිතෙම ඉපදීම මරණයන්ගේ කෙළවර නුවණැසින් දක්නේ තර්කය අත්හැර ඒකාන්තයෙන් දිව්‍ය මනුෂ්‍ය සංඛ්‍යාවට නොපැමිණෙන්නේය.
“සතුන්ගේ සියලු ස්ථාන අනිත්‍යාදී වශයෙන් දැන් ඒ භව අතුරෙන් එක් වාසස්ථානයකුත් නොපතන ඒ බුද්ධ මුනිතෙම පහකරණ ලද තෘෂ්ණා ඇත්තේ ගිජු නොවූයේ යම් කාරණයෙකින් නිවණට පැමිණියේ වේද, ඒකාන්තයෙන් පින් පවු රැස් නොකරන්නේය.
සියල්ල මැඩ පැවැත්වූ සියලු ධර්මයන් සර්වාකාරයෙන් දත්, යහපත් නුවණ ඇති සියලු ස්කන්ධාදී ධර්මයෙහි නොඇලුණ සියලු කෙලෙස් සහිත ධර්මයන් අත්හළ තෘෂ්ණා ක්ෂය කිරීමෙහි යෙදුන උන්වහන්සේ බුද්ධ මුනියයි ඤාණවන්තයෝ දනිති.
ඤාණ බල ඇති සීල ව්‍රත දෙකින් යුත් එකඟවූ ධ්‍යානයෙහි ඇලුණු සිහි ඇති ඇල්මෙන් මිදුණු සිත තද කරණ ධර්ම නැති කෙලෙස් නැති ඔහු වනාහී ඤණවන්තයෝ මුනියයි දනිත්.
එකම ප්‍රව්‍රජ්‍යාවෙන් සිටගෙන අට වැදෑරුම් චර්යාවෙහි හැසිරෙන මුනිවූ, නොපමාවූ, නින්දා ප්‍රශංසා දෙක්හි නොසැලෙන, බෙර ශබ්ද ආදියෙහි බිය නොවන කෙශර සිංහයා මෙන් බයින් නොම වෙවුලන්නාවූ, දැලෙහි වෘතය මෙන් තෘෂ්ණා දෘෂ්ටි දැල නොබැඳෙන්නාවූ, දිය හා පියුම මෙන් නොඇලෙන්නාවූ, අන් දෙවිමිනිසුන් නිවනට පමුණුවන්නාවූ, අනිකකු විසින් මාර්ගයකියි නිවනට නොපැමිණ විය යුතුවූ, ඔහු වනාහි ඤාණවන්තයෝ මුනි යයි දනිති.
යම් කෙනෙකු කෙරෙහි අන්‍යයෝ ගුණයක් හෝ කී කල්හි නාන තොට පිහිටි කණුවක් මෙන් එකම ගුණයෙන් යුක්තවේද, ඒ පහවූ ඇලුම් ඇති මනාකොට සන්සිඳුන ඉඳුරන් ඇති ඔහු වනාහි ඤාණවන්තයෝ බුද්ධ මුනියයි දනිත්.
යම් ක්ෂීණාශ්‍රවයෙක් කාය විෂමාදී දුශ්චරිතයද කාය සමාදි සුචරිතයද විමසන්නේ ඒකාන්තයෙන් අන් ආත්මභාවයක් නැත්තේද නූල් ඔතන දණ්ඩ මෙන් ඇද නැතිවූයේ පව්කම් පිළිකුල් කරයිද, ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේද මුනියයි දනිත්.
ඤාණයෙන් යුත් සීල සංවරයෙන් හික්මුන සිත් ඇති යම් බාලයෙක් හෝ මධ්‍යම වයස සිටියෙක් හෝ අන්තිම වයස සිටියෙක් හෝ පව් නොකරයිද, එබඳු ක්ෂීණාශ්‍රවතෙම අනුන්ට දොස් නොපවරන්නේ වෙයි. කිසිවෙකුට හෙතෙම ක්‍රොධ නොකරන්නේය. ඤාණවන්තයෝ ඒ ක්ෂීණාශ්‍රවයා මුනියයි දනිති.
අනුන් විසින් දෙන ලද්දෙන් ජීවත්වන යම් මහණෙක් භාජනයෙහි මුල් කොටසින් ගෙනදෙන හෝ මධ්‍යම කොටසින් ගෙනදෙන හෝ යට කොටසින් ගෙනදෙන හෝ යම් පිණ්ඩයක් ලැබේද, ස්තුති කරන්නට නුසුදුසුය. අප්‍රිය වදන් කීමටත් නුසුදුසුය. නුවණැත්තෝ ඒ ක්ෂීණාශ්‍රවයාටද මුනියයි කියති.
යම් රහත් නමක් යෞවන කාලයෙහි යම්කිසි ස්ත්‍රී රූපයෙක්හි පෘථග්ජන කාලයෙහි මෙන් නොබැඳේද, මෛථුනයෙන් දුරුව හැසිරෙන මුනිවූ මදයෙන් හා ප්‍රමාදයෙන් දුරුවූ කෙලෙසුන්ගෙන් මිදුනාවූ ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නුවණැත්තෝ මුනියයි දනිති.
ස්කන්ධ ලොකය නිශ්චය කොට පරමාර්ථවූ නිර්වාණය දක්නාවූ කාමාදී චතුර්විධ සැඩවතුරද ආයතන සමුද්‍රයද ඉක්මවා යහපත් අයහපත් දෙයෙහි එක සමානවූ නොහොත් ඔඝය නම් සමුද්‍රය ඉක්ම තාදීවූ එහෙයින් සිඳින ලද ගැට ඇති තෘෂ්ණාදීන් ඇසුරු නොකළ ආශ්‍රව නැති ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ මුනියයි ඤාණවන්තයෝම දනිති.
දෙදෙනම ඈත්වූ වාසස්ථාන හා ජීවත්වීම් ඇත්තාහ. ගිහිවූ වැදි කමින් අඹුදරුවන් රකින්නාද යහපත් පැවතුම් ඇති ක්ෂීණාශ්‍රවතෙමේද අසමානයහ. ගිහිවූ වැද්දා කයින් වචනින් මනසින් නොනැවැත්තේද, මුනිතෙම නිරන්තරයෙන් සතුන් මැරීමෙන් වැළකුනේ සතුන් රක්නේද වෙයි.
යම්සේ කුඩිම්බිය ඇත්තාවූ නිල් පාට බෙල්ල ඇති, මොණර පක්ෂිතෙම ස්වර්ණ හංසයාගේ වේගවත් ගමනට කිසිසේත් නොපැමිණේද, මෙසේම ගිහිතෙම හික්මෙන ස්වභාව ඇති, කාය විවේකයෙන් යුත් ධ්‍යාන කරණ භික්ෂුහට සමාන නොකළ හැක්කේය.
මුනිසුත්තං ද්වාදසමං නිට්ඨිතං.
උරග වර්ගය නිමි.